Monday, October 16, 2017

ගිලන් රථය මග නවතා අයිස්ක්‍රීම් කාලා - රෝගියාට අසාධ්‍යයි




පසුගිය සිකුරාදා යාපනයේ සිට වවුනියාව දක්වා හදිසි රෝගියෙකු රැගෙන එන ලද ගිලන් රථයක කාර්යමණ්ඩලය මෙම ක්‍රියාව සිදු කර ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ.

උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය ලෙසින් හඳුන්වා ඇති එම සංවිධානය කියා සිටින්නේ මෙම සිද්ධිය පමණක් නොව උතුරේ බොහෝ රෝහල්වල කාර්යමණ්ඩලය රෝගීන් සමග මත්පැන් පානයටද හුරු වී ඇති බවයි

රෝගීන් විසින් එම සේවකයින්ට විවිධ ආහාර පාන හා මත්පැන් සපයා දෙමින් රාත්‍රි කාලයට රෝහල් තුළ සාද පවත්වන බවටද ඡායාරූප සහිතව පැමිණිලි ඉදිරිපත් කොට තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම චෝදනාවලින් වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ වවුනියාව මහ රෝහලේ කාර්යමණ්ඩලයට එරෙහිවයි. මීට පෙර තම සංවිධානය විසින් ඉදිරිපත් කරණ ලද චෝදනා සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් පැවැත්වීමට බලධාරීන් කටයුතු නොකිරීම පිළිබඳ කණගාටු වන බවත් උතුරේ රෝගීන් ආරක්ෂා කිරීමේ සංවිධානය සඳහන් කළා.

මීට පෙර අවස්ථාවකදී ද රෝගීයා සමග ගිලන් රථය නතර කර සිදු කළ විවිධ ක්‍රියාවන් වාර්තා වී තිබුණා

No comments:

Post a Comment

Unpriceable Lesson Series

The Paradox of Behavior Change The Beginner’s Guide to Continuous Self-Improvement Life Lessons The Beginner’s Guide to S...