Wednesday, October 18, 2017

මාතර අහසේ පිපිරීමක්


මාතර අහසේ මීට ටික වේලාවකට පෙර යම් පිපිරීමක් සිදුව තිබෙනවා.ප්‍රදේශය පුරා ගිලන් රථ සහ පොලිස් රථ වාහන ගමන් කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.මෙ වන විට විශාල පිරිසක් මාතර මුහුදු වෙරළ ආශ්‍රිතව එක් රැස් වී සිටින බව වාර්තා වෙනවා.මෙම පිපිරීමේ ශබ්දය මාතර සහ ඒ අවට ප්‍රදේශවලටද ඇසී තිබෙනවා.


විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර, දකුණු ප්‍රදේශවාසීහු පවසති. මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි. මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි. කොළඹ ප්‍රදේශයේ ඇතැම් අයට ද මෙම ශබ්දය ඇසී ඇති බවට වාර්තාවේ.

No comments:

Post a Comment

Unpriceable Lesson Series

The Paradox of Behavior Change The Beginner’s Guide to Continuous Self-Improvement Life Lessons The Beginner’s Guide to S...